චීනයේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පුද්ගලයන්ව චීන ජනපති අගයයි

විශාල දේශභූමියක් සතු චීනය බහුජාතික රටක් ලෙස පෙන්වා දිය හැකියි.

එමෙන්ම වසර 5000කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන චීනයේ විවිධ ජාතීන් එකමුතුවෙන් දීප්තිමත් ශිෂ්ටාචාරයක් නිර්මාණය කොට තිබෙනවා.

චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන පිරිනමා තිබුණා.

එහිදී පාලක පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වූ දා සිට මේ දක්වා ජනවාර්ගික සමගිය වෙනුවෙන් දුර්දර්ශී හා බුද්ධිමත් පියවරක් ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා එම දේශයට සහභාගී වෙමින් පවසා තිබෙනවා.

චීනයේ සියලු ජාතීන් එක්සත් කරමින් සියලු ජාතීන්ගේ සංවර්ධනය හා සමෘද්ධිය සඳහා කටයුතු කිරීම එම පියවර වන බවයි වාර්තා වන්නේ.

එසේම චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ජාතීන්ගේ සමානත්මතාවයට මුල් තැන දී තිබෙන අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං ප්‍රමුඛ පක්ෂ මධ්‍යම කාරක සභාව චීනයේ සමස්ත ජාතීන්ගේ පොදු හවුල යන සංකල්පය ඉදිරිපත් කර තිබුණා.

සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් මහඟු සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් වෙනුවෙන් පැවති මෙවර සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජාතීන් 56 එකතු වීමෙන් චීන ජාතික පොදු හවුල නිර්මාණය වී ඇති බවයි.

මෙම පොදු හවුලේ හැම ජාතියකටම යහපත් ජීවිතයක් හිමි විය යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

ගෙවුණු වසර ගණනාවක් තුළ චීනයේ සියලු ජාතීන් විශේෂයෙන් සුළු ජනගහණය සිටින ජාතීන් වෙනුවෙන් චීන රජය අනුග්‍රාහී ප්‍රතිපත්ති බොහෝමයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

චීන ජාතික පොදු හවුල සඳහා විශිෂ්ට සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් අගය කිරීමේ අරමුණින් 1988 වසරේ සිට සෑම වසර 5කට වරක් චීන රජය සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වන බවයි වාර්තා වන්නේ.

මෙවර පැවති එම උත්සවයේදී සමස්ත ජාතීන්ගේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම මෙන් ම චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය වඩාත් ඉදිරියට ගෙන යාම පිළිබඳව චීන ජනාධිපතිවරයා අදහස් දක්වමින් උපදෙස් ද ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නායකත්වය ගන්න අපි සූදානම් - ඇත්ත කිව්ව හින්දයි අපි පැරදුනේ
24:43
Video thumbnail
අනුර ෆේල් - අනාගත ජනාධිපති සජිත්
01:15
Video thumbnail
බස් ගාස්තු වැඩිකිරීම මදිනේ අප්පා - තව වැඩිවෙන්න ඕනේ
05:56
Video thumbnail
ආයේ තෙල් මිල වැඩි කළොත් ආයේ බස් ගාස්තු වැඩිකරන්න වෙනවා
06:05
Video thumbnail
බයික් එකකින් ආපු ඩබලක් බස් රථය කුඩු කරලා ගිහින්
01:40
Video thumbnail
සංචාරකයින් දිරිගන්වන්න නව වැඩසටහනක්
01:42
Video thumbnail
මහින්ද මහත්තයාට හොරා හොරා කියපු එවුන් අද බැහැපල්ලා එළියට
02:48
Video thumbnail
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුව අගමැතිනි හමුවෙයි
01:49
Video thumbnail
රට අනුරට නෙමෙයි, රට බල්ලට ගිහින් - මහින්දට හොරා හොරා කියපු එවුන් බැහැපල්ලා එළියට
06:20
Video thumbnail
ජනතාව පෝලිමේ දාලා පක්ෂයට වාහන ගන්න සල්ලි එකතුකරනවා
09:25