ඉන්කාවරුන්ගේ මතකය අලුත් කළ නව Chancay වරාය

චීනය සහ පේරු රාජ්‍යය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කෙරුණු Chancay වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබෙනවා.

පේරු හි මුතුන් මිත්තන් වන ඉන්කාවරු විසින් මීට වසර 500 කට පමණ පෙර, ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කලාප හරහා ඉදිකළ Inca Trail පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින් ඉදි වුණු මෙම නව Chancay වරාය, පේරු රාජ්‍යයේ සංවර්ධනයට මහත් වූ දායකත්වයක් ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම වරාය හරහා චීනය සහ ලතින් අමෙරිකානු කලාපය හරහා වෙළඳ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරමින් පේරු සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට ද භාණ්ඩ ප්‍රවාහනය පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයයි.

Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය එක් වූයේ වීඩියෝ තාක්ශණය ඔස්සේයි.

මෙවර එපෙක් සමුළුවට සමගාමීව පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙමින් මෙම ඓතිහාසික අවස්ථාවට ද ෂී ජින්පිං මහතා එක් වූයේ චීන ජනපති ධුරයට තේරී පත්වීමෙන් පසු පේරු රාජ්‍යයේ සිදුකරනු ලබන තුන්වැනි නිල සංචාරය සනිටුහන් කරමින්.

වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බව ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළා.

රාජ්‍ය නායකයින් දෙපළ Chancay වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම, මෙවර සංචාරයේ ප්‍රධාන ජයග්‍රහණයක් සහ විශේෂත්වයක් බවට පත් වූ අතර එයින් දෙරටෙහි ජනතාව අතර පවතින සදාකාලික මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමක් වනු ඇති.

Chancay වරාය විවෘත කිරීම මෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම දක්වාත්, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක සහ තවත් ක්ෂේත්‍ර රැසක සාකච්ඡා සමඟින් බහුපාර්ශ්වික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම දක්වාත්, චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය, පේරු රාජ්‍ය වෙනුවෙන් ප්‍රතිඵල රැසක් අත් කර දීම විශේෂත්වයකි.

එමෙන්ම චීන ජනපතිගේ මෙම සංචාරය හරහා චීන-පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පුළුල් කර ඇති බවත්, චීන-ලතින් ඇමරිකානු සහයෝගීතා සහ ‘ගෝලීය දකුණේ’ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් එම ලබා දී ඇති බවත් චීන වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56