ඇතැම් ප්‍රදේශවලට වැසි – තවත් ප්‍රදේශවලට ඝන මීදුම් තත්ත්වයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31