”ගරු සරු රටක් වෙනුවෙන් කැපවෙමු” තේමාව යටතේ සජිත්ගෙන් ජනපතිට සුබ පැතුම් (නිවේදනය)

ජාතික ජන බලවේගය දිනූ ඉතිහාසගත විජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ දී බහුතර ආසන දිනූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සිය අවංක සුබ පැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත් ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනය නොඅඩුව ලැබී ඇති බව ද විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්.

එතුළින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදාවනු ඇති අතර ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තම ධුර කාලය තුළ සාර්ථක ව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇති බව සිය විශ්වාසය බව විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම තීරණාත්මක මැතිවරණයේ දී සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද 1,968,716ක් දිනා දී ආසන 40කට අවස්ථාව දුන් රටේ ජනතාවටත් පක්ෂයේ දියුණුවට නන් අයුරින් උපකාර කළ සැමට සිය ගෞරවය ස්තුතිය හෘදයාංගම පුද කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42