කමිඳුගෙන් ලෝක ටෙස්ට් වාර්තාවක් – දිනය නිමාවෙද්දී මැතිව්ස් සමග ශ්‍රී ලංකා පළමු ඉනිමත් සවිමත් (ඡායාරූප)

පළමු දිනය අද (26) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 306ක් ලබාගෙන සිටියා.

අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹි නවසීලන්තයට එරෙහි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුවල ලෙස පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පැමිණියා.

එහෙත් පැතුම්ගේ ආරම්භය එතරම් සුබ නොවූයේ ඔහු එක් ලකුණක් ලබා සිටියදී නායක ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

දෙවැනි කඩුල්ලට පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම පණ ගන්වමින් ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 16 වැනි ශතකය ලබා ගත්තා.

ඔහු අද දින ගාල්ල ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ‍රැස් කළ වැඩිම ශතක අතරින් තුන්වැනි තැනට පත් වූයේ මහේල ජයවර්ධනට සහ කුමාර් සංගක්කාර හට පමණක් තෙවැනි වෙමින්.

එමෙන්ම චන්දිමාල් අද පළමු වරට නවසීලන්තයට එරෙහිව ශතකයක් ලබා ගැනීම ද කැපී පෙනුණා.

කෙසේවෙතත් චන්දිමාල් සමග අනෙක් අන්තයේ රැඳෙමින් ලකුණු 122ක ශක්තිමත් සබඳතාවක් ගොඩනගමින් සිටි දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ අර්ධ ශතකයක් (46) පෙනී පෙනී තිබියදියි.

තෙවැනි කඩුල්ලට පිටියට පැමිණි ඇන්ජිලෝ මැතිව්ස් සමගින් එක් වූ චන්දි ලකුණු 97ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී පිලිපිස් යොමු කළ පන්දුවක් කඩුල්ලේ කෙලින් ම වැදීමෙන් දැවී ගියා.

ඒ ලකුණු 116ක විශිෂ්ට ඉනිමට තිත තබමින්.

පිතිකරණය නොනැවතූ මැතිව්ස් ද විශිෂ්ට අර්ධ ශතකයකට හිමිකම් කියුවේ සිය 44 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කියමින් වීම ද විශේෂත්වයක්.

සිව්වැනි කඩුල්ලට මැතිව්ස් සමග එක් වූ කමිඳු මෙන්ඩිස් ද පළමු ඉනිම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට අවබෝධ කරගනිමින් වේගවත් මෙන් ම හැඩකාර අර්ධ ශතකයක් වාර්තා කරගැනීමට සමත් වුණා.

කමිඳුගේ අර්ධ ශතකය ටෙස්ට් ඉනිම් 13ක දී රැස් කළ 05 වැනි අර්ධ ශතකය ද වනවා.

මේ අතර කමිඳු අද දිනයේ දී ලෝක වාර්තාවක් අලුත් කරගැනීමට සමත් වූයේ ටෙස්ට් තරග 08කට ක්‍රීඩා කරමින් අඛණ්ඩ ව අර්ධ ශතකලාභී පළමු ක්‍රීඩකයා වෙමින්.

කමිඳු සිය පළමු ටෙස්ට් තරග 8කදී ම අර්ධ ශතක රැස්කරමින් මෙම වාර්තාව තැබූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ; පාකිස්තානයේ සෞද් ශකීල්.

ඔහු තරග 07කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක අඛණ්ඩව වාර්තා කිරීමට සමත් ව සිටියා.

අද දිනට ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම නවත්වන විට කමිඳු නොදැවී ලකුණු 51 ක් සහ ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78 ක් ලබා සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී සවුති හා පිලිප්ස් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

හෙට (27) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
76
+1
1
+1
31
+1
8
+1
0
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12