කමිඳුගෙන් ලෝක ටෙස්ට් වාර්තාවක් – දිනය නිමාවෙද්දී මැතිව්ස් සමග ශ්‍රී ලංකා පළමු ඉනිමත් සවිමත් (ඡායාරූප)

පළමු දිනය අද (26) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 306ක් ලබාගෙන සිටියා.

අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹි නවසීලන්තයට එරෙහි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුවල ලෙස පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පැමිණියා.

එහෙත් පැතුම්ගේ ආරම්භය එතරම් සුබ නොවූයේ ඔහු එක් ලකුණක් ලබා සිටියදී නායක ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

දෙවැනි කඩුල්ලට පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම පණ ගන්වමින් ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 16 වැනි ශතකය ලබා ගත්තා.

ඔහු අද දින ගාල්ල ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ‍රැස් කළ වැඩිම ශතක අතරින් තුන්වැනි තැනට පත් වූයේ මහේල ජයවර්ධනට සහ කුමාර් සංගක්කාර හට පමණක් තෙවැනි වෙමින්.

එමෙන්ම චන්දිමාල් අද පළමු වරට නවසීලන්තයට එරෙහිව ශතකයක් ලබා ගැනීම ද කැපී පෙනුණා.

කෙසේවෙතත් චන්දිමාල් සමග අනෙක් අන්තයේ රැඳෙමින් ලකුණු 122ක ශක්තිමත් සබඳතාවක් ගොඩනගමින් සිටි දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ අර්ධ ශතකයක් (46) පෙනී පෙනී තිබියදියි.

තෙවැනි කඩුල්ලට පිටියට පැමිණි ඇන්ජිලෝ මැතිව්ස් සමගින් එක් වූ චන්දි ලකුණු 97ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී පිලිපිස් යොමු කළ පන්දුවක් කඩුල්ලේ කෙලින් ම වැදීමෙන් දැවී ගියා.

ඒ ලකුණු 116ක විශිෂ්ට ඉනිමට තිත තබමින්.

පිතිකරණය නොනැවතූ මැතිව්ස් ද විශිෂ්ට අර්ධ ශතකයකට හිමිකම් කියුවේ සිය 44 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කියමින් වීම ද විශේෂත්වයක්.

සිව්වැනි කඩුල්ලට මැතිව්ස් සමග එක් වූ කමිඳු මෙන්ඩිස් ද පළමු ඉනිම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට අවබෝධ කරගනිමින් වේගවත් මෙන් ම හැඩකාර අර්ධ ශතකයක් වාර්තා කරගැනීමට සමත් වුණා.

කමිඳුගේ අර්ධ ශතකය ටෙස්ට් ඉනිම් 13ක දී රැස් කළ 05 වැනි අර්ධ ශතකය ද වනවා.

මේ අතර කමිඳු අද දිනයේ දී ලෝක වාර්තාවක් අලුත් කරගැනීමට සමත් වූයේ ටෙස්ට් තරග 08කට ක්‍රීඩා කරමින් අඛණ්ඩ ව අර්ධ ශතකලාභී පළමු ක්‍රීඩකයා වෙමින්.

කමිඳු සිය පළමු ටෙස්ට් තරග 8කදී ම අර්ධ ශතක රැස්කරමින් මෙම වාර්තාව තැබූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ; පාකිස්තානයේ සෞද් ශකීල්.

ඔහු තරග 07කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක අඛණ්ඩව වාර්තා කිරීමට සමත් ව සිටියා.

අද දිනට ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම නවත්වන විට කමිඳු නොදැවී ලකුණු 51 ක් සහ ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78 ක් ලබා සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී සවුති හා පිලිප්ස් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

හෙට (27) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
76
+1
1
+1
31
+1
8
+1
0
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?