AFC Banner
Empty Ad
Empty Ad

බීමතින් මහවැලියේ නාන්න ගිය තරුණයන් දෙදෙනකු අතුරුදහන්

බීමතින් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් පස්දෙනෙකු අතරින් දෙදෙනෙකු දි‍යේ ගිලී අතුරුදන්ව ඇති බව වත්තේගම පොලිසිය පවසනවා.

මෙම පිරිස අද (25) දින දහවල් 12.30 ට පමණ පොල්ගුල්ල වේල්ලේ සිට කිලෝමීටර් භාගයක් පමණ පහලින් වූ ස්ථානයකින් දියනෑම සඳහා මහවැලි ගඟට බැස තිබෙන බවයි පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී තිබෙන්නේ.

පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියාවට ජලය මුදා හැරෙන එක් ගේට්ටුවක් ඊයේ (24) පෙරවරුවේ සිට විවෘතව තිබී ඇති අතර ජල පහරට හසු වූ තරුණයින් පස්දෙනා ජලය ගසාගෙන යද්දී තිදෙනෙකු ගල් පරවල එල්ලී දිවි ගලවා ගැනීමට සමත්ව තිබුණා.

මෙම තරුණයින් සියලු දෙනා යග්ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ දෙදෙනා අතරින් එක් අයෙකු වයස අවුරුදු 22ක් වූ ධනංජය ඉදුවර නැමැත්තෙක් බව පොලිසිය පවසනවා.

අනෙක් තරුණයා කවුදැයි යන්න තමන් නොදන්නා බව දිවි බේරාගත් තරුණයින් තිදෙනා පොලිසියට පවසා තිබුණා.

මෙම තරුණයින් අතරින් එක් අයෙකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඇය විසින් ලබා දුන් විදේශීය මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව දියට බැස ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දියේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනා සෙවීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32
Video thumbnail
කිවියන් එක්ක ගැටෙන්න සූදානම් වෙන අපේ සිංහයෝ
03:01
Video thumbnail
මාලිමාවට තියන 3 බේරාගන්න කියන්න
02:22

?