බීමතින් මහවැලියේ නාන්න ගිය තරුණයන් දෙදෙනකු අතුරුදන්

බීමතින් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් පස්දෙනෙකු අතරින් දෙදෙනෙකු දි‍යේ ගිලී අතුරුදන්ව ඇති බව වත්තේගම පොලිසිය පවසනවා.

මෙම පිරිස අද (25) දින දහවල් 12.30 ට පමණ පොල්ගුල්ල වේල්ලේ සිට කිලෝමීටර් භාගයක් පමණ පහලින් වූ ස්ථානයකින් දියනෑම සඳහා මහවැලි ගඟට බැස තිබෙන බවයි පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී තිබෙන්නේ.

පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියාවට ජලය මුදා හැරෙන එක් ගේට්ටුවක් ඊයේ (24) පෙරවරුවේ සිට විවෘතව තිබී ඇති අතර ජල පහරට හසු වූ තරුණයින් පස්දෙනා ජලය ගසාගෙන යද්දී තිදෙනෙකු ගල් පරවල එල්ලී දිවි ගලවා ගැනීමට සමත්ව තිබුණා.

මෙම තරුණයින් සියලු දෙනා යග්ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ දෙදෙනා අතරින් එක් අයෙකු වයස අවුරුදු 22ක් වූ ධනංජය ඉදුවර නැමැත්තෙක් බව පොලිසිය පවසනවා.

අනෙක් තරුණයා කවුදැයි යන්න තමන් නොදන්නා බව දිවි බේරාගත් තරුණයින් තිදෙනා පොලිසියට පවසා තිබුණා.

මෙම තරුණයින් අතරින් එක් අයෙකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඇය විසින් ලබා දුන් විදේශීය මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව දියට බැස ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දියේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනා සෙවීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40