රන් පදක්කම් දිනූ ජූඩෝ වීරයෝ දිවයිනට (ඡායාරූප)

තායිලන්ත‍යේ පැවති අන්තර්ජාතික ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගත් මෙරට ජූඩෝ කණ්ඩායම ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 73 බර පංතිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

මෙම තරගාවලිය තායිලන්තයේ දී සැප්තැම්බර් මස 21 -23 යන දිනවල පැවැත්වුණේ ලෝකයේ රටවල් 15කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්.

පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩකයින් පිරිස රාත්‍රී 10.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා වුණා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20240924 231826 scaled
20240924 231427 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20