පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට කිවියන්ට ලකුණු 275ක ඉලක්කයක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් කිරීම සඳහා සංචාරක නවසීලන්ත කණ්ඩායම මේ වනවිට (22) ලකුණු 275ක ඉලක්කයක් හඹා යෑම ආරම්භ කර තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදුන් අතර පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම නවසීලන්තය සිය පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 35ක් පමණ ඉදිරියෙන් සිටිමින් සියල්ලන් දැවී ලකුණු 340ක් ලබා ගත්තා.

සිය දෙවැනි ඉනිම අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309ක් ලබාගත් අතර ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 275ක ඉලක්කයක් හිමිවුණා.

තරගයේ තෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ලකුණු 275ක ඉලක්කයක් තරගය ජයග්‍රහණය සඳහා පිතිකරණයේ යෙදෙමින් සිටින අතර ඔවුන් කඩුලු 03ක් දැවී පසුවන්නේ ලකුණු 95ක් ලෙසයි.

සිව්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ රචීන් රවීන්ද්‍ර සමගින් ඩැරිල් මිචෙල්.

නවසීලන්තයේ මුල් කඩුලු 03 පිළිවෙළින් අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය විසින් බිඳ දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56