ජනාධිපති ධුර අපේක්ෂකයින් තම ඡන්දය භාවිත කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද (21) උදෑසන 07 සිට පස්වරු 04 තෙක් ආරම්භ කෙරුණේ දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ඡන්ද මධ්‍යස්ථාන 13,321ක දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ හා ආරක්ෂක අංශවලින් ලබා දුන් නීතිරීතිවලට අනුකූලවයි.

ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති ධුර අපේක්ෂකයින් 38 දෙනෙක් ඉදිරිපත් ව සිටින අතර ඔවුන් උදෑසන සිට වරින්වර සිය ඡන්දය ලබාදීම සඳහා පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව අද දිනයේ දී ඡන්ද විමසීම ඇරඹුණු විගස පළමු ව ඡන්දය භාවිත කිරීමට පැමිණියේ සර්වජන බලය මව්බිම ජනතා පක්ෂයේ නායක; ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර යි.

තරුව ලකුණින් මෙවර තරග කරන ඒ මහතා මිරිහාන – ඉදිරිසිංහ පාරේ ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ දී තම ඡන්දය ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති මෙන් ම ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක ඡන්දය ප්‍රකාශ කළේ පොල්හේන්ගොඩ මහා මාධ්‍ය විද්‍යාලයේදීයි.

ඔහුගේ මෙවර ඡන්ද ලකුණ වී තිබුණේ කෝප්පයයි.

පසුව වත්මන් ජනාධිපති; ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ද සිය ඡන්දය භාවිත කිරීමට පෙරවරු 8.30ට පමණ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියා.

ගෑස් සිලින්ඩරයෙන් ජනාධිපතිවරයා තරග කරන අතර හෙතෙම තම ඡන්දය ලබා දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීයි.

නාවල – වික්‍රමසිංහාරාමයේ දී ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ තම ඡන්දය භාවිත කළා.

ඒ කාර් රථය ලකුණින්.

දුරකථනය යටතේ ඉදිරිපත් ව සිටින සමගි ජන සන්ධානයේ නායක මෙන් ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම ඡන්දය භාවිත කිරීමට පෙරවරුවේ ම පැමිණ සිටියා.

ඒ රාජගිරිය – කොටුවෙගොඩ විවේකාරාමය විහාරස්ථාන පරිශ්‍රයටයි.

විපක්ෂ නායකවරයා ඡන්දය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ නීතිරීතිවලට ගරු කරන අතර, සාමයෙන් මෙන් ම මිත්‍රශීලී ව කටයුතු කරමින් ඡන්ද කටයුතුවලට සහාය දක්වන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරග කරන ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය ඡන්දය පෙරවරු බිරිඳ ලිමිනි රාජපක්ෂ සමග පැමිණ භාවිත කළේ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදීයි.

ජනාධිපති ධුර අපේක්ෂක රොෂාන් රණසිංහ ද ක්‍රිකට් පිත්ත යටතේ තරග කරන අතර පොළොන්නරුව බැඳිවැව – පරාක්‍රමබාහු ජාතික පාසල් පරිශ්‍රයේ දී ඔහු සිය ඡන්දය භාවිත කළා.

එමෙන්ම මාලිමාව ලකුණින් තරග කරන ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ඡන්දය භාවිත කළේ මරදාන අබේසිංහාරාමයේ දී යි.

ජන අරගල සන්ධානයේ කුඩය ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නුවන් බෝපගේ අද උදෑසන කඩුවෙල, නවගමුව, සිරි සුමනතිස්ස විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය භාවිතා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10