AFC Banner
Empty Ad
Empty Ad

දිමුත් සහ චන්දිගෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමට සවිමත් අත්තිවාරමක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනට අද තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටියා.

අද (20) දිනට තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිටියේ නවසීලන්තයට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් සිටිමින්.

දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා ලකුණු 34ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 34ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 147ක සම්බන්ධතාවයක් ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 305ට පිළිතුරු වශයෙන් නවසීලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 340ක්.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම හේතුවෙන් හෙට (21) දිනය තරගයේ විවේකී දිනයක් ලෙස නම්කර ඇති අතර, සිව්වන දිනට තරගය ආරම්භ වන්නේ ලබන 22 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?