නිවසකට බලෙන් රිංගා ලක්ෂ ගණනින් මුදල් කොල්ලකෑ පොලිස් නිලධාරීන්ට ඇප

කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනා රුපියල් ලක්ෂ 07 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (19) නියෝග කළා..

මෝදර පොලිසියේ සේවයෙහි නියුතුව සිටි බව කියන සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු මෙලෙස ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා ඊයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී පළමු වන සාක්ෂිකරු විසින් සැකකරුවන් දෙදෙනෙකු ද දෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් සිව් දෙනෙකු ද, තෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකු ද සිව්වන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකු ද හඳුනාගනු ලැබුවා.

සැකකාර පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගන්නා ලද රුපියල් එකොළොස් ලක්ෂ අනූ හතර දහසක මුදලක් බැඳුම්කරයක් මත පැමිණිලිකරුට ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සෙසු ඉතිරි මුදල් පැමිණිලිකරුවන්ට ලබාදීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා අධිකරණයට දන්වා තිබෙනවා.

නිවසේ හිමිකරුවන් මෝදර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ දිනේෂ් ගොඩගම හා නිසංසලා දිසානායක මහත්මිය පෙනී සිටියා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා පෙර නඩු වාරයේදී අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් පහළොස් වැනි දින පස්වරුවේ සැකකාර නිලධාරීන් සිව්දෙනා වැටලීම් කටයුත්තක් සඳහා එම නිවසට ගොස් පසුව පොලිසිය වෙත පැමිණ ඇති නමුත් ඔවුන් එවැනි සොරකමකට සම්බන්ධව නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25