AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් ලක්ෂ 22කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 22කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (18) දින මෙම වැටලීම් සිදු කර ඇත්තේ යාපනය පොලිස් වසමේ කොලොම්බුතුරේ සහ ගුරුනගර් ප්‍රදේශවල දීයි.

සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැටලීමෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 17කුත් ග්‍රෑම් 28ක් සමග වයස අවුරුදු 27ත් 42 ත් අතර පසුවන පුද්ගලයින් තිදෙනකො අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?