AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට වෙළඳසැල් ගෝලයෙක් අල්ලයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.

වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට අමතරව වෙඩික්කරුවන් රැදී සිටි අතුරුගිරිය, ගල්පොත්ත පාර ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් ඔවුන්ව ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවට ද අනාවරණය වී තිබෙනවා.

වෙළඳසැලක අත්උදව්කරුවකු ලෙස කටයුතු කරන මෙම සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?