ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට වෙළඳසැල් ගෝලයෙක් අල්ලයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.

වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට අමතරව වෙඩික්කරුවන් රැදී සිටි අතුරුගිරිය, ගල්පොත්ත පාර ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් ඔවුන්ව ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවට ද අනාවරණය වී තිබෙනවා.

වෙළඳසැලක අත්උදව්කරුවකු ලෙස කටයුතු කරන මෙම සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14