සජබෙ න් අගරදගුරු හිමියන්ට විශේෂ ලිපියක් – පාස්කු ප්‍රහාරය ගැන දුන් පොරොන්දුත් වෙනස් නොවන බව කියයි (නිවේදනය)

‘පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට සත්‍ය ලෙස ම යුක්තිය ඉටු වේවි ද?’ යන මැයෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම ලිපිය සමගි ජන බලවේගය විසින් අගරදගුරුතුමන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙහි සඳහන් වන්නේ ඉහත ලිපියෙහි අඩංගු කරුණු ඔබ වහන්සේ සිදු කළ ප්‍රකාශයක් ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් කාදිනල් හිමියන්ගේ ඡායාරූපයක් ද සහිත ව විකෘති කරන ලද ප්‍රවෘත්තියක් පළ ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතෝලික අගරදගුරු මාධ්‍ය අංශය සිදු කළ පැහැදිලි ප්‍රකාශය ගැන සිය ගෞරවනීය කෘතවේදීත්වය පළ කරන බවටයි.

එමෙන්ම එම ලිපියෙහි ජනාධිපති නීතිඥවරයා විසින් අගරදගුරුතුමන් වෙත යොමු කළ ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්වීමේ නඩුකරයට ඉදිරිපත් වූ මැදිහත් පෙත්සම්කරුවෙකු වූ පූජ්‍ය මහාචාර්‍ය අගලකඩ සිරිසුමන නා හිමියන් සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ ව කළ ප්‍රකාශයක් ඉස්මතු කරමින් සමගි ජන බලවේගය පාස්කු ප්‍රහාරය පිළිබඳ ව දරන ස්ථාවරය වෙනස් වීමට ඉඩ ඇති බවට වූ සැකයක් නිර්මාණය කිරීමට බවත් සමගි ජන බලවේගය නිකුත් කළ ලිපියෙහි දැක්වෙනවා.

නමුත් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගරදගුරුතුමන් වන ඔබ වහන්සේට ඉදිරිපත් කරමින් මෙන් ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ ව තම නායක සජිත් ප්‍රේමදාස මහතා ලිඛිත ව සහ වාචිකව ලබා දී ඇති ප්‍රතිඥාවන් කිසිලෙසක වෙනස් නොවන බව ද යළි යළිත් අවධාරණය කිරීමට සමගි ජන බලවේගය නිකුත් කළ විශේෂ ලිපිය මගින් උත්සාහ දරා තිබෙනවා.

සමගි ජන බලවේගය අගරදගුරුතුමන්ට යොමු කළ විශේෂ ලිපිය මෙතැනින් කියවන්න…https://drive.google.com/file/d/1LPAR6Cx3hWn_S2U4Q6fCuBW3FC8zgkVx/view?usp=sharing

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
13
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53