AFC Banner
Empty Ad
Empty Ad

සූර් වී ගිය ASP රාජ්‍ය ඇමතිගේ වාහනය හප්පලා – ASP අත්අඩංගුවේ

මත්පැන් පානයකර තම නිල රථය පදවා අනතුරක් සිදුකිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා පදවමින් සිටි මොටර් රථය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සෙමසිංහ ගමන් කරමින් සිටි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාසයේ අංක 02 සහකාර පොලිස් අධිකාරීවරයා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (14) රාත්‍රී 10.00ට පමණ පුත්තලම – හලාවත මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
.
මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, වාහන දෙක පොලිස් භාරයට ගෙන රාජ්‍ය අමාත්‍යවරයාව වෙනත් වාහනකින් පිටත්කර යවා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී සහකාර පොලිස් අධිකාරීවරයා මත්පැන් පානයකර සිට ඇති බව අනාවරණය වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
5
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?