සූර් වී ගිය ASP රාජ්‍ය ඇමතිගේ වාහනය හප්පලා – ASP අත්අඩංගුවේ

මත්පැන් පානයකර තම නිල රථය පදවා අනතුරක් සිදුකිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා පදවමින් සිටි මොටර් රථය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සෙමසිංහ ගමන් කරමින් සිටි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාසයේ අංක 02 සහකාර පොලිස් අධිකාරීවරයා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (14) රාත්‍රී 10.00ට පමණ පුත්තලම – හලාවත මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
.
මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, වාහන දෙක පොලිස් භාරයට ගෙන රාජ්‍ය අමාත්‍යවරයාව වෙනත් වාහනකින් පිටත්කර යවා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී සහකාර පොලිස් අධිකාරීවරයා මත්පැන් පානයකර සිට ඇති බව අනාවරණය වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14