පැරාවලින් රිදී පදක්කමක් දිනූ දුලාන් දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, නව ලෝක වාර්තාවක් තබමින්, රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා ඊයේ (10)පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් අගෝස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 08 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ බවයි.

සමිත දුලාන් මෙම තරගාවලියේ එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබූ අතර ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ඔවුන් අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

සමිත දුලාන් ක්‍රීඩකයා පිළිගැනීම සඳහා ඔහුගේ ආදරණීය බිරිඳ, දරුවා, ඔහුගේ මව මෙන්ම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?