සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගනුදෙනු ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

දූෂිත ගනුදෙනු මත මෙරටට ඖෂධ ගෙන්වූ ඖෂධ සමාගම් සමග තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගනුදෙනු සිදු කරන බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

අද (10) පෙරවරුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව එළියට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමග මෙම වෛද්‍ය සැපයුම්කරුවන් තවමත් දූෂිත ඖෂධ සමාගම් සමග ගනුදෙනු කරමින්; ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ සිටින බවටයි සභාපතිවරයා චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිලධාරින් මෙන් ම බලධාරින් ද වගකිව යුතු බවත්; නව රජයක් යටතේ දූෂිත නිලධාරීන් සේ ම බලධාරින් ද ඉවත් වන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

එමෙන්ම මෙරට දේශපාලනඥයින් 20%ක් දූෂිත නම්; රාජ්‍ය නිලධාරීන් 80%ක් දූෂිත බවත්; මෙම ඖෂධ මාෆියාවේ වැඩිපුර සක්‍රීය ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56