AFC Banner
Empty Ad
Empty Ad

දුනිත්ගේ සුපිරි දක්ෂතාවෙන් බාබඩෝස් රාජකීයන්ට තියුණු ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දුවෙන් සහ පිත්තෙන් එකලෙස දැක්වූ දක්ෂතා හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවති තරගය ජයගන්නට බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම පරාජය කළ බාබඩෝස් රෝයල්ස් ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ කඩුලු 02කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 153ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

සෙන්ට් කිට්ස් ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම මහීෂ් තීක්ෂණ සහ දුනිත්ගේ ගොදුරු බවට පත් වෙද්දී කඩා වැටුණු සෙන්ට් කිට්ස් ඉනිම ගොඩගැනීමේ වගකීම හදිසියේම තරගාවලියට කැඳවූ වනිඳු හසරංග භාරගත්තා.

එහිදී වනිඳු පන්දු 27ක් තුළ හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 40ක් රැස් කළා .

ඊට අමතරව මියිකල් ලුවී ලකුණු 30ක් සහ රයන් ජෝන් ලකුණු 29ක් සෙන්ට් කිට්ස් ඉනිමට එක් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 04 තුළ ලකුණු 35ක් ලබාදෙමින් කඩුලු 03ක් බිඳ දැමු අතර, මහීෂ් තීක්ෂණ සෙන්ට් කිට්ස් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට බාබඩෝස් රෝයල්ස් පිතිකරුවන් පිටියට පිවිසි අතර, බාබඩෝස් ජයග්‍රහණයේ මාවත සකසා දුන් වෙල්ලාලගේ පන්දු 32ක් තුළ හතරේ පහර පහක් සමඟ ලකුණු 39ක් රැස් කළා.

කඩීම් ඇලයින් ලකුණු 30ක් බාබඩෝස් පිළිතුරු ඉනිමට එක් කළ අතර, අවසන් මොහොතේ බාබඩෝස් ජයග්‍රහණය දැවැන්ත හයේ පහරකින් තහවුරු කළ නයීම් යංග් නොදැවී ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ඉනිමේ තවත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී තරගය ජයගන්නට බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී කයිල් මේයර්ස් කඩුලු 02ක් බිඳ දැමූ අතර, වනිඳු හසරංග, ඇන්රිච් නොර්ට්ජේ, වීරසාමි පර්මාල් සහ රයන් ජෝන් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් පෑ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
55
+1
0
+1
11
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?