AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිපයේ 73 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

එම පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පිහිටි හෝටලක පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිතයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?