සැප්තැම්බරයේ ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයේ දී ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරෙන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකරනු ලැබුවේ පසුගිය ජූලි මාසයේ වන අතර අගෝස්තු මාසයේ දී ගෑස් මිලේ සංශෝධනයක් කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කළේ නැහැ.

මේ වනවිට වෙළඳපොලේ කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482 කටත් ලෙසත්, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 කටත් අලෙවි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?