AFC Banner
Empty Ad
Empty Ad

මියන්මාරයේ අවයව ජාවාරමක් පිළිබඳව CNN හෙළිදරව්වක්

මියන්මාරයේ මංමුලා සහගත පුද්ගලයින් ෆේස්බුක් මාධ්‍ය මගින් ධනවත් පුද්ගලයින්ට තම අවයව විකුණන බව CNN විසින් වසරක් පුරා සිදු කරන ලද විමර්ශනයක දී හෙළිව තිබෙනවා.

විවිධ නියෝජිතයින්ගේ සහාය ඇතිව ඔවුන් ඉන්දියාවට ගමන් කරමින් අවයව විකිණීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ෆේස්බුක් හි කණ්ඩායම් තුනක් විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඊට අදාළ සාක්ෂි රැසක් හමුව තිබෙනවා.

CNN විසින් සිදු කරන ලද මෙම විමර්ශනය හරහා එම විකුණුම්කරුවන්, ගැනුම්කරුවන් සහ නියෝජිතයන් ඇතුළුව අවයව වෙළඳාමේ යෙදී සිටින පුද්ගලයින් 24 දෙනෙක් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆේස්බුක් ආයතනය පවසා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් එක් මාර්ගගත කණ්ඩායමක් ඉවත් කර ඇති බවයි.

නමුත් එම සමාගම වැඩිදුර විස්තර ලබා දීම හෝ වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?