මියන්මාරයේ අවයව ජාවාරමක් පිළිබඳව CNN හෙළිදරව්වක්

මියන්මාරයේ මංමුලා සහගත පුද්ගලයින් ෆේස්බුක් මාධ්‍ය මගින් ධනවත් පුද්ගලයින්ට තම අවයව විකුණන බව CNN විසින් වසරක් පුරා සිදු කරන ලද විමර්ශනයක දී හෙළිව තිබෙනවා.

විවිධ නියෝජිතයින්ගේ සහාය ඇතිව ඔවුන් ඉන්දියාවට ගමන් කරමින් අවයව විකිණීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ෆේස්බුක් හි කණ්ඩායම් තුනක් විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඊට අදාළ සාක්ෂි රැසක් හමුව තිබෙනවා.

CNN විසින් සිදු කරන ලද මෙම විමර්ශනය හරහා එම විකුණුම්කරුවන්, ගැනුම්කරුවන් සහ නියෝජිතයන් ඇතුළුව අවයව වෙළඳාමේ යෙදී සිටින පුද්ගලයින් 24 දෙනෙක් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆේස්බුක් ආයතනය පවසා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් එක් මාර්ගගත කණ්ඩායමක් ඉවත් කර ඇති බවයි.

නමුත් එම සමාගම වැඩිදුර විස්තර ලබා දීම හෝ වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16