AFC Banner
Empty Ad
Empty Ad

සනාගේ පුත් රනුක්ට SSC ක්‍රීඩා සමාජයෙන් ඉඩක් – පළමු තරගයේ දී ම විශිෂ්ට අර්ධ ශතකයකුත්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ පුත් 17 හැවිරිදි රනුක් ජයසූරිය අද SSC වෙනුවෙන් 23 න් පහළ ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු මෙන් ම නායකයෙකු වන සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරිය ඊයේ (26) පස්වරුවේ කොළඹ SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම නියෝජනයට තේරී පත් වුණා.

ඔහු එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කරගැනීමටයි සමත් වූයේ.

සිය පුතු මෙලෙස මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාජයකට ක්‍රීඩා කිරීමට එක් වීම සම්බන්ධයෙන් සනත් ජයසූරිය ද සිය නිල මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?