තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹෙයි – ආරක්ෂාවත් උපරිමයෙන් – නියෝජ්‍ය තැපැල්පති

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ක්‍රියාවලියේ මූලික අදියර මේ දිනවල තැපැල් ස්ථාන හරහා නිසි අධීක්ෂණයකින් මෙන් ම දැඩි ආරක්ෂාවකින් සිදු වන බවත්, ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 25කට අදාළ රක්ෂිත මළු යොමු කර තිබෙන බවත්; නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා පවසනවා.

අද (26) පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ; තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට වන රක්ෂිත පැකැට්ටු තැපැල් මාර්ගයෙන් යවා ඇති බවත්; මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්‍යය බලකායෙන් ද පූර්ණ සහයෝගයක් ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබී ඇති බවයි.

මෙම ක්‍රියාවලියේ කිසිදු අකටයුත්තක් පිළිබඳ ව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියා.

තම ප්‍රදේශයේ තැපැල් මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට තැපැල් ස්ථානාධිපතිවරුන් ද දැනුම්වත් කර ඇති බව ද වාර්තා වනවා.

තැපැල් ස්ථාන මගින් තැපැල් ඡන්ද පත්‍රිකා භාරගැනීම් කටයුතු අවසන් වූ වහාම එම රක්ෂිත පැකට්ටු අදාළ ලිපිනයේ අඩංගු සහතික කිරීමට ද නිලධාරීන්ට බලය හිමි ව තිබෙනවා.

වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද; ඉන් පසුව මහනුවර, ගම්පහ, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇති බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියා.

තැපැල් ඡන්ද සඳහා භාවිත කළ යුතු ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු 712,319ක් දිවයින පුරාම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් භාර ගැනීමට සූදනම් කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17