මම එහෙම ඇඳුම් නැතුව දිවුවා නම් බලාගන්ඩ තිබ්බා – හරින් ප්‍රනාන්දු

තමා ඇඳුම් නැතිව දිව්වා නම් මේ නාළිකා දෙකේ වැඩ බලාගන්න තිබ්බා යැයි හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ජන හමුවක් අමතමින් ප්‍රකාශ කොට තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට සහභාගි වූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔහුගේ කාර්යාලයේ තවත් අයෙකුගේ බිරිඳක් සමග සිට ඇඳුම් නැතුව දුව යන අයුරු ඇගේ ස්වාමිපුරුෂයා විසින් වීඩියෝ ගත කර තිබෙන බවය.

එහිදී සභාවේ පිරිස සඳහන් කොට ඇත්තේ අදාළ මන්ත්‍රීවරයා මේ පැත්තෙ කෙනෙක් බවය.

ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වේදිකාවේ තිබූ එක්තරා මාධ්‍ය ආයතන දෙකක ලාංඡන පෙන්නමින් සඳහන් කළේ “මම එහෙම ඇඳුම් නැතුව දිවුවා නං මේ දෙකේ වැඩ බලාගන්න පුළුවන්” කියාය.

මේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල දැකගන්නට ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?