මෝදි සහ පෝලන්ත අගමැති අතර සාකච්ඡා

චාරිත්‍රානුකූල පිළිගැනීමකින් පසුව, අගමැති නරේන්ද්‍ර මෝදි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් සමඟ වෝර්සෝහිදී ඊයේ (23) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

“ඉන්දියා-පෝලන්ත හවුල්කාරීත්වයේ නව සන්ධිස්ථානයක්. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෝර්සෝ හි ෆෙඩරල් චාන්සලරියේ දී පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර චාරිත්‍රානුකූල පිළිගැනීමක් ලබා දුන්නා.

වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පෝලන්තයට කරන ලද මෙම සංචාරය ඉන්දියා – පෝලන්ත හවුල්කාරිත්වයට නැවුම් ජවයක් ලබා දෙනු ඇත,” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය X හි සටහනක් තබමින් සඳහන් කළා.

අගමැති මෝදි බදාදා පෝලන්තයට ළඟා වූ අතර එය වසර 45කට පසු මධ්‍යම යුරෝපීය රටක ඉන්දීය රාජ්‍ය නායකයෙක් සිදු කරන පළමු සංචාරයයි.

ගුවන්තොටුපළේ සිට පැමිණෙන අගමැති මෝදිට සුබ පැතීමට ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් රැස්ව සිටියා.

ඔවුන් අගමැති මෝදිට ප්‍රශංසා කරමින් ද “භාරත් මාතා කී ජායි” යනුවෙන් ද හඬ නැගූ බව ani වාර්තා කළා.

අග්‍රාමාත්‍ය මෝදි වෝර්සෝ සංචාරයේ දෙවන දිනයේ දී ජනාධිපති ඇන්ඩ්‍රේජ් ඩුඩා සමඟ සාකච්ඡාවල නිරත වූ අතර පසුව අගමැති ටස්ක් විසින් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයකට එක් වුණා.

අග්‍රාමාත්‍ය මෝදි නාඳුනන සොල්දාදුවාගේ සොහොන වෙත පුෂ්පෝහාර දැක්වීමට ද එක් වුණා.

ඔහු වෝර්සෝ හි ව්‍යාපාරික නායකයින් ද හමුවීමට නියමිතයි.

අගමැති මෝදිගේ පෝලන්තයේ සංචාරය නවදිල්ලිය සහ වෝර්සෝ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති අතර, ඉන්දියාව සහ පෝලන්තය සමාජ ආරක්ෂණ ගිවිසුමකට එකඟ වී ඇති බව ප්‍රකාශ කෙරුණා.

නව තාක්‍ෂණය සහ පිරිසිදු බලශක්තිය වැනි ක්ෂේත්‍රවල දෙරට අතර හවුල්කාරිත්වය ශක්තිමත් වෙමින් පවතින බව මෝදි ප්‍රකාශ කළා.

පෝලන්තයේ වෝර්සෝ හි ඉන්දීය ප්‍රජාව අමතමින් අගමැති මෝදි පැවසුවේ, “නවෝත්පාදනයන් සහ තරුණයන් ජාතීන් දෙකෙහිම සංවර්ධනයට ශක්තිය ලබා දෙනු ඇති බවත් වාර්තා වනවා.

”අද මම ඔබ හමුවට ආවේ ලොකු සුභ ආරංචියක් අරගෙන. ඔබ වැනි සියලුම මිතුරන්ට ප්‍රතිලාභ සැලසෙන සමාජ ආරක්ෂණ ගිවිසුමකට ඉන්දියාව සහ පෝලන්තය යන රටවල් දෙකම එකඟ වී ඇත.’’ යනුවෙනි.

ඉන්දීය සිසුන්ට අවස්ථාවන් විවෘත කිරීම සහ වීසා සීමාවන් ඉවත් කිරීම ගැන ඔහු පෝලන්ත රජයට ස්තූතිය ද පළ කළා.

අග්‍රාමාත්‍ය මෝදි පෝලන්තයේ සිය කටයුතු අවසන් කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ ආරාධනයකට අනුව යුක්රේනය බලා පිටත්ව යාමට නියමිතයි.

එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු යුක්රේනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56