IMF ගිවිසුම රිවර්ස් කිරීමට ට්‍රයි කළොත් ආයෙත් ආර්ථිකය බංකොළොත් – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුව ද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (21) පැවති හමුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටක් ලෙස ඉදිරියට යාමට ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බවත්, එසේම රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?