ගෙවුණු පැය 48 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 80කගේ සිරුර යළිත් ගාසා තීරයට

ගෙවුණු පැය 48 තුළ ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 80 දෙනෙකු මරා දමා ඇති බවට රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ; ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ 80 දෙනෙකු සිරුරු ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එවා ඇති බවයි.

මෙම මරණ සියල්ල ම පාහේ ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරවලින් සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගිය පිරිස සහ ඊට පෙර මියගිය පලස්තීනුවන්ගේ සිරුරු මෙලෙස එවා ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි පලස්තීන සිවිල් හදිසි සේවා අධ්‍යක්ෂ Yamen Abu Suleiman පැවසුවේ ගොඩබිම් ප්‍රහාරයේ දී හමුදාව විසින් සුසාන භූමිවලින් සිරුරු ගොඩගෙන තිබේ ද නැතහොත් ඔවුන් “වධහිංසාවට ලක් වූ රැඳවියන්’ ද යන්න පැහැදිලි කිරීමක් මෙතෙක් නොමැති බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව ද පලස්තීනය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10