AFC Banner
Empty Ad
Empty Ad

ගෙවුණු පැය 48 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 80කගේ සිරුර යළිත් ගාසා තීරයට

ගෙවුණු පැය 48 තුළ ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 80 දෙනෙකු මරා දමා ඇති බවට රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ; ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ 80 දෙනෙකු සිරුරු ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එවා ඇති බවයි.

මෙම මරණ සියල්ල ම පාහේ ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරවලින් සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගිය පිරිස සහ ඊට පෙර මියගිය පලස්තීනුවන්ගේ සිරුරු මෙලෙස එවා ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි පලස්තීන සිවිල් හදිසි සේවා අධ්‍යක්ෂ Yamen Abu Suleiman පැවසුවේ ගොඩබිම් ප්‍රහාරයේ දී හමුදාව විසින් සුසාන භූමිවලින් සිරුරු ගොඩගෙන තිබේ ද නැතහොත් ඔවුන් “වධහිංසාවට ලක් වූ රැඳවියන්’ ද යන්න පැහැදිලි කිරීමක් මෙතෙක් නොමැති බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව ද පලස්තීනය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?