AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද, ජනපති රනිල්ට යළිත් බෑ කියයි

එළඹෙන ජනාධිපතිවරණයේ දී තමාට සහාය දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යළිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) යළි හමුවූ අවස්ථාවේ දී මෙම බව ප්‍රකාශකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහා කළේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී පවසා ඇත්තේ පක්ෂය නැවත තීරණය කළහොත්, වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී පැයකට ආසන්න කාලයක් මෙම හමුව සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ සම්පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙර ද ඉල්ලීමක් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?