AFC Banner
Empty Ad
Empty Ad

පාන්වලට පාලන මිලක් නියම කරන්න අවධානය (වීඩියෝ)

පාන් සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය වීරසිංහ ප්‍රකාශ කළේ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට බේකරි හිමියන් කටයුතු නොකරන බවට ලැබුණු පැමිණිලි සලකා බලා මෙම තීරණයට එළඹි බවයි.

විදුලිබිල සියයට 22 කින් පහළ දැමීමට ගනු ලැබූ පියවරත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළා.

ඒ, අනුව ග්‍රෑම් 450ක පාන්ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ අතර, එම පාන් ගෙඩියක් මේ වනවිට අලෙවි කළ යුත්තේ රුපියල් 130 කටයි.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල එම මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට හිමි නොවන බවට ලැබෙන සැලකිලි පදනම්කර ගනිමින් ඉදිරියේ දී පාන් සඳහා පාලන මිලක් නියම කරන්නේ ද යන්න සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?