ඡන්දෙ පවත්වන දිනය ගැන කිව්වට අමෙරිකාව සතුටින්

ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් මස 21 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ප්‍රසාදයට පත් ව තිබෙනවා.

අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් නිල X ගිණුමෙහි පණිවිඩයක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදයක් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් සිදු කරන කැපවීමක් බවට තමන් දකින බව ද අමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබාදෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ද අමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මෙම පණිවිඩය අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කරනු ලැබුවේ අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය හා එහි ක්‍රියා පටිපාටිය පිළිබඳ දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීමේ සිදුවීමට පිළිතුරක් වශයෙනි.

Screenshot 2024 07 26 155349
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16