ඡන්දෙ පවත්වන දිනය ගැන කිව්වට අමෙරිකාව සතුටින්

ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් මස 21 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ප්‍රසාදයට පත් ව තිබෙනවා.

අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් නිල X ගිණුමෙහි පණිවිඩයක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදයක් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් සිදු කරන කැපවීමක් බවට තමන් දකින බව ද අමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබාදෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ද අමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මෙම පණිවිඩය අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කරනු ලැබුවේ අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය හා එහි ක්‍රියා පටිපාටිය පිළිබඳ දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීමේ සිදුවීමට පිළිතුරක් වශයෙනි.

Screenshot 2024 07 26 155349
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?