Update – ටැටූ දුලාන් අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙන්න සැරසෙයි (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන දුලාන් සංජය හෙවත් ටැටූ දුලාන් නැමැත්තාට අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව ඔහුගේ නීතිඥයින් අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ එම රහස් ප්‍රකාශය අද (22) දහවල් 12.00න් පසු ලබාගැනීමට අධිකරණය නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අද (22) පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

මේ අතර මෙම සිද්ධියට පෙරේදා දින අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි තරුණිය ද අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් සිටි ආකාරය දැකගත හැකි වුණා.

මෙම තරුණිය දුලාන් සංජය නැමැත්තාගේ ඥාතියෙක් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12