නේපාල කාන්තා කණ්ඩායමට කාසියේ වාසිය හිමිවෙයි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් (පන්දුවාර 20) තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නේපාලය සමත් වුණා.

ඒ මීට ටික වේලාවකට (19) ඉහත දී යි.

අද තරගය නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ නේපාල නායිකා තීරණයේ කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට පිරිනැමීමටයි.

මෙම තරග‍ය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී වන අතර මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දරනවා.

අද සිට එළඹෙන ජුලි 28 තෙක් පැවැත්වෙනු ඇති.

නේපාල කණ්ඩායමේ නායකත්වය Indu Barma හට හිමි ව ඇති අතර; Esha Oza එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය දරනවා.