AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ පොලිස් මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනකු හා වෙනත් වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු විශේෂ පොලිස් මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම වසරේ මාර්තු මස 19 වැනි දින සිට බස්නාහිර හා දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි.

එහිදී දිවයින ම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

මෙම මෙහෙයුම්වල දී දෙමටගොඩ, මාතර, පදිංචි ව සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින්ගේ ගෝලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඊට අමතර ව මාර්තු මස 19 වැනි දින සිට ඊයේ (18) දක්වා විවිධ වැරදි සම්බන්ධයෙන් එනම් අපරාධ සිදු කිරීමට අනුබල දීම, සෘජුව සහාය දැක්වීම, අපරාධ සැලසුම් කිරීම හා අපරාධවලට ආධාර ලබාදීම ආදී චෝදනාවලට සමස්ත සැකකරුවන් හා සැකකාරියන් 2347ක් මෙම විශේෂ මෙහෙයුමෙන් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ ව කොළඹ අපරාධ කොට්ඨාසය, මාතර අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?