විශේෂ පොලිස් මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනකු හා වෙනත් වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු විශේෂ පොලිස් මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම වසරේ මාර්තු මස 19 වැනි දින සිට බස්නාහිර හා දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි.

එහිදී දිවයින ම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

මෙම මෙහෙයුම්වල දී දෙමටගොඩ, මාතර, පදිංචි ව සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින්ගේ ගෝලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඊට අමතර ව මාර්තු මස 19 වැනි දින සිට ඊයේ (18) දක්වා විවිධ වැරදි සම්බන්ධයෙන් එනම් අපරාධ සිදු කිරීමට අනුබල දීම, සෘජුව සහාය දැක්වීම, අපරාධ සැලසුම් කිරීම හා අපරාධවලට ආධාර ලබාදීම ආදී චෝදනාවලට සමස්ත සැකකරුවන් හා සැකකාරියන් 2347ක් මෙම විශේෂ මෙහෙයුමෙන් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ ව කොළඹ අපරාධ කොට්ඨාසය, මාතර අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15