AFC Banner
Empty Ad
Empty Ad

බුවනෙකබා රාජ සභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිගේ සිර දඬුවම ලිහිල් වෙයි

කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ සිර දඬුවම් කාලය වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකභා රාජසභා මණ්ඩලය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධ ව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ චෝදනා පත්‍රය හා එම චෝදනා පත්‍රය අනුව කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ සිර දඬුවම් ඇතුළු දණ්ඩන නියෝග අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.

අභියාචනය අද දින සම්පත් අබේකෝන්, පී. කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූවා.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

කෙසේවෙතත් විත්තිකරුවන්ට ලබා දුන් එම දණ්ඩන නියෝග සහ සිර දඬුවම් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙර නඩු වාරයන්හි අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි ව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා වැරැදි සහගත බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ප්‍රියන්ත නාවන ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
10
+1
0
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?