බුවනෙකබා රාජ සභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිගේ සිර දඬුවම ලිහිල් වෙයි

කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ සිර දඬුවම් කාලය වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකභා රාජසභා මණ්ඩලය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධ ව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ චෝදනා පත්‍රය හා එම චෝදනා පත්‍රය අනුව කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ සිර දඬුවම් ඇතුළු දණ්ඩන නියෝග අභියෝගයට ලක් කරමින් විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.

අභියාචනය අද දින සම්පත් අබේකෝන්, පී. කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූවා.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

කෙසේවෙතත් විත්තිකරුවන්ට ලබා දුන් එම දණ්ඩන නියෝග සහ සිර දඬුවම් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙර නඩු වාරයන්හි අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි ව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා වැරැදි සහගත බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ප්‍රියන්ත නාවන ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12