AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක්

අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඇයව මේ වනවිට සැත්කම් තුනකට භාජනය කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් මල් වඩමක් රෝහලට යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව දැනගන්නට ලැබුණා.

අතුරුගිරිය ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා සිදුකළ වෙඩි තැබීමකින් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුනේ පසුගිය සෙනසුරාදා (13) පස්වරුවේ බොරැල්ල කනත්තේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
5
+1
1
+1
16
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?