AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවකට කළ අයුතු යෝජනාව මරණයකින් කෙළෙවර වෙයි

පොතුපිටිය, රඹුක, පින්නගොඩැල්ල ප්‍රදේශයේ දී ඊයේ (12) පොලුවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක රක්වාන, රඹුක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා අසල්වැසි නිවසක සිටි කාන්තාවකට අයුතු යෝජනාවක් කිරීම හේතුවෙන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ තවත් දෙදෙනෙකු පැමිණ පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 28 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?