ආර්. සම්පන්දන්ගේ දේහය බොරැල්ලට

ඊයේ (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල ශාලාවක් වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම දේහය ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කරන ආකාරය හෝ දිනයක් ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

නමුත් එම අවමංගල්‍යය කටයුතු ජුලි මස 07 ඉරු දින සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

දිගු කලක සිට අසනීප තත්ත්වයෙන් සිටි සම්පන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වුණා.

මිය යනවිට 91 වැනි වියෙහි පසු වුණු ඒ මහතා; වර්ෂ 1933 පෙබරවාරි 05 වැනිදා උපත ලැබූවෙක්.

යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ද නිමා කරමින්; නීති වෘත්තිය තෝරාගත්තේ දේශපාලනයට ද 1977 වසරේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය අත්පොත් තබමින්.

ඒ ඔහුගේ පළමු පාර්ලිමේන්තු ආගමනයයි.

1977 සිට 1983 දක්වාත්, 1997 සිට 2000 දක්වාත්, 2001 වසරේ සිට අභාවප්‍රාප්ත වන තෙක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්.

යහපාලන ආණ්ඩුව පැවති සමයේ වසර 3ක කාලයක් ආර්. සම්පන්දන් මහතා මෙරට පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?