ආර්. සම්පන්දන්ගේ දේහය බොරැල්ලට

ඊයේ (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල ශාලාවක් වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම දේහය ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මන්ත්‍රීවරයාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කරන ආකාරය හෝ දිනයක් ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

නමුත් එම අවමංගල්‍යය කටයුතු ජුලි මස 07 ඉරු දින සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

දිගු කලක සිට අසනීප තත්ත්වයෙන් සිටි සම්පන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වුණා.

මිය යනවිට 91 වැනි වියෙහි පසු වුණු ඒ මහතා; වර්ෂ 1933 පෙබරවාරි 05 වැනිදා උපත ලැබූවෙක්.

යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ද නිමා කරමින්; නීති වෘත්තිය තෝරාගත්තේ දේශපාලනයට ද 1977 වසරේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය අත්පොත් තබමින්.

ඒ ඔහුගේ පළමු පාර්ලිමේන්තු ආගමනයයි.

1977 සිට 1983 දක්වාත්, 1997 සිට 2000 දක්වාත්, 2001 වසරේ සිට අභාවප්‍රාප්ත වන තෙක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්.

යහපාලන ආණ්ඩුව පැවති සමයේ වසර 3ක කාලයක් ආර්. සම්පන්දන් මහතා මෙරට පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10