logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ අවසන් ධීවරයා හම්බන්තොට රෝහලට (වීඩියෝ)

ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගෙන මෙරටට රැගෙන ආ ධීවරයා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව විජයබාහු නෞකාවෙන් ගොඩබිමට රැගෙන ආ එම ධීවරයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් අනතුරුව ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් සිව්දෙනෙක්ම එම යාත්‍රාව තුළ දීම ජීවිතක්ෂයට පත් වුණා.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අනෙක් ධීවරයින් දෙදෙනා ශ්‍රී ලංකා නවික හමුදාවේ දැනුම්දීම මත සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගනු ලැබුවා.

කෙසේ වෙතත් එලෙස බේරාගත් ධීවරයින් දෙදෙනාගෙන් අයෙක් එම නෞකාව තුළ දී ජීවිතක්ෂයට පත් වූ බවයි ඊයේ (30) වාර්තා වුණේ.

ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් හයදෙනා ද සමඟ තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ පසුගිය 04 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
1
+1
3
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?