ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ අවසන් ධීවරයා හම්බන්තොට රෝහලට (වීඩියෝ)

ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගෙන මෙරටට රැගෙන ආ ධීවරයා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව විජයබාහු නෞකාවෙන් ගොඩබිමට රැගෙන ආ එම ධීවරයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් අනතුරුව ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් සිව්දෙනෙක්ම එම යාත්‍රාව තුළ දීම ජීවිතක්ෂයට පත් වුණා.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අනෙක් ධීවරයින් දෙදෙනා ශ්‍රී ලංකා නවික හමුදාවේ දැනුම්දීම මත සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගනු ලැබුවා.

කෙසේ වෙතත් එලෙස බේරාගත් ධීවරයින් දෙදෙනාගෙන් අයෙක් එම නෞකාව තුළ දී ජීවිතක්ෂයට පත් වූ බවයි ඊයේ (30) වාර්තා වුණේ.

ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් හයදෙනා ද සමඟ තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ පසුගිය 04 වනදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05