logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දිය ඇල්ලක ජල පහරට පවුලක් බිළි වූ හැටි (වීඩියෝ)

දිය ඇල්ලක් නැරඹීමට ගිය පිරිසක් එක් වරම ඉහළ ගිය ජල පහරට බිළි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මුම්බායි නගරයට නුදුරින් ලෝනාවල ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක ජල පහරට මෙම පිරිස බිළි වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එකම පවුලේ හත්දෙනෙක් ඊයේ (30) මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති අතර, මින් දෙදෙනෙකු ජීවිත බේරාගැනීමට හැකිව තිබෙනවා.

තවත් තිදෙනෙකුගේ මළ සිරුරු මේ වනවිටත් සොයාගෙන ඇති අතර, අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මුම්බායි නගරයේ සිට කිලෝමීටර 80ක් පමණ දුරින් පිහිටි ලෝනාවල කඳුකර ප්‍රදේශයේ නිවාඩුවක් ගතකිරීමට මෙම පවුල පැමිණ තිබෙනවා.

ඒ, අතර තුර දිය ඇල්ල නැරඹීමට ගිය අවස්ථාවේ දී මොවුන් පිරිස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පිරිස ජල පහරට හසුව දිය ඇල්ලෙන් පහළට ගසාගෙන යන ආකාරය අසල සිටි පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
23
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?