දිය ඇල්ලක ජල පහරට පවුලක් බිළි වූ හැටි (වීඩියෝ)

දිය ඇල්ලක් නැරඹීමට ගිය පිරිසක් එක් වරම ඉහළ ගිය ජල පහරට බිළි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මුම්බායි නගරයට නුදුරින් ලෝනාවල ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක ජල පහරට මෙම පිරිස බිළි වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එකම පවුලේ හත්දෙනෙක් ඊයේ (30) මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති අතර, මින් දෙදෙනෙකු ජීවිත බේරාගැනීමට හැකිව තිබෙනවා.

තවත් තිදෙනෙකුගේ මළ සිරුරු මේ වනවිටත් සොයාගෙන ඇති අතර, අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මුම්බායි නගරයේ සිට කිලෝමීටර 80ක් පමණ දුරින් පිහිටි ලෝනාවල කඳුකර ප්‍රදේශයේ නිවාඩුවක් ගතකිරීමට මෙම පවුල පැමිණ තිබෙනවා.

ඒ, අතර තුර දිය ඇල්ල නැරඹීමට ගිය අවස්ථාවේ දී මොවුන් පිරිස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පිරිස ජල පහරට හසුව දිය ඇල්ලෙන් පහළට ගසාගෙන යන ආකාරය අසල සිටි පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39