ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න ඉඩදෙන්නේ නැහැ – ජෝසප් ස්ටාලින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට කිසිසේත් ම ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට ඉඩ නොදෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඊයේ (27) දිනයේ දී ජනාධිපතිවරයා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ දී ප්‍රකාශ කළේ දිනපතා උදෑසන වරුවේ ගුරුවරු පාසලේ රැඳී සිටීම අනිවාර්යය බවත්; නැතහොත් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු බිඳ වැටීමක් දිගින් දිගටම සිදු වුවහොත් ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට තමන් කටයුතු කරන බවයි.

මෙම ප්‍රකාශයට විරෝධය පාමින් ස්ටාලින් සඳහන් කළේ; ජනාධිපතිවරයාගේ එම තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොදෙන බවත්; දින දෙකකට පසුව අද දින සිට යළිත් පාසල් කටයුතු ක්‍රියාත්මක වන්නේ ජනපති හෝ ඇමති බන්දුලගේ කීමට නොවන බවයි.

පෙරේදා (26) දිනයේ දී කොළඹ කොටුවේ පැවති විරෝධතාවේ දී පොලිසියෙන් එල්ල කළ කඳුලු ගෑස් ප්‍රහාර හේතුවෙන් මේ වනවිට දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තවත් එක් අයෙකු බරපතළ තත්ත්වයක පසුවන බව ද සඳහන් කළා.

විරෝධතාවට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තමන් ඇතුළු ගුරු – විදුහල්පතිවරුන් දෙවැනි දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ සිටි බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

රජය දුන් පොරොන්දු ඉටුකර නොමැති අතර; අවම වශයෙන් වැටුප් විෂමතා හෝ ඉවත් කර නොමැති බවයි ජෝසප් ස්ටාලින් පැවසුවේ.

එබැවින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය යුක්තිසහගත බවයි ලංකා ගුරු සංගමය පෙන්වාදෙන්නේ.

  1. Fighting for rights is not a problem but why only target poor sinhala students. Don’t forget that children had lost more than two years of their school life due to covid and economic crisis.
    Respect tamil and muslim teachers who concern education is first priority for serve the nation.

  2. අනෙ කොටෝ තෝ ළමයි ගැනද හිතන්නෙ නැතිනම් තොගේ පක්ෂය ගැනද කියපියකෝ…මුන් තමයි රටේ අධ්‍යාපනයට වින කරන කාලකන්නි…පරයෝ…දුටු තැන ගහන්න ඕන මුන්ට..ලමයිට හරිය⁣ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය නොදෙන කාලකන්නි බල්ලෝ

  3. මොනවටද අත්‍යවශ්‍ය වෙන්නෙ…. තමුන්ට පුළුවන් අධ්‍යාපන ඇමති වෙන්ඩ. තව මාස තුනකින්. කලබල වෙන්න එපා ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56