එකම පොදු වැසිකිළියට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අබිරහස් ලෙස මරුට

නුවරඑළිය බස් නැවතුම්පොළේ වැසිකිළියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙය පොදු වැසිකිළියක් වන අතර; එය නුවරඑළිය මහ නගර සභාව යටතේයි පාලනය වන්නේ.

ඊයේ (26) පස්වරුවේ නුවරඑළිය පල්ලිය පාරේ පදිංචි ව සිටි අවුරුදු 71 වන මොහොමඩ් ඉමිතියාස් පසාල් ෂෙරබ් නමැති පුද්ගලයා වැසිකිළියට ගිය අවස්ථාවේ දී ඔහු වැසිකිළිය තුළ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දෙවැනි මරණය අද (27) උදෑසන සිදු ව ඇති අතර; මියගිය තැනැත්තා 51 හැවිරිදි බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පදිංචි අජිත් නිශ්ශංක නමැත්තෙක්.

මෙම පුද්ගලයින් දෙදෙනා ම අවස්ථා දෙකක දී එකම වැසිකිළියකට ගොස් ඇති බවත් එහිදී ජීවිතක්ෂයට පත් ව ඇති බවත් නුවරඑළිය පොලිසිය පැවසුවා.

අබිරහස් ලෙස මියගිය දෙදෙනාගේ ම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ද සහාය ඇති ව තවත් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරෙන අතර එතෙක් අදාළ වැසිකිළිය මුද්‍රා තබා තිබෙනවා.

එම වැසිකිළිය තුළින් දැඩි දුර්ගන්ධයක් හමන බවත්, ඒ පිළිබඳ ව ද විමර්ශන කටයුතුවල දී අවධානය යොමු ව ඇති බවත් වාර්තා වනවා.

නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිත්සිරි හේරත් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ එම වැසිකිළියේ පුරුෂ පාර්ශ්වය සඳහා වෙන් කර තිබු වැසිකිළි පද්ධතිය මුද්‍රා තැබු බවත්, කාන්තා පාර්ශ්වය සඳහා වෙන් කර ඇති කොටස විවෘත ව පවතින බවයි.

වැසිකිළිය තුළ දී මියගිය දෙදෙනා ම රෝගීන් බවට ද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12